රෝස මල් කුමාරියේ | Rosa Mal Kumariye by Prageeth Perera [2021]

Sinhala song lyrics with music notes illustration

ව්කසිත චේතනාවක
ඔබ හා මා සැදෑවක
දොඩමලු වුන අතීතය

මගේ මතකේ තියාගෙන
කල් ගෙවනවා හැරෙන්නට
වෙන නෑ විසදුමක් අද

ගතවූ ඒ කාලේ අවිහින්සක
පෑයූ සද වාගෙයි පසලොස්වක

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

නැගෙනා ගිනි දැල් මෙන්
මනසේ දැවෙනා මාගේ
වේදනාවට

ඔබ මකුණු දැලින් නවතාගෙන
මම මොනවා ඔබෙන් අරගන්නද

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

නොදොඩා ඉන්නම් මම
ලොවටම හඩගා ඔබගේ රංගනේ ගැන
හිත මිතුරු සුලං වෙනදා ලෙස
ඔබ කොහෙද කියා අසනා විට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply