කොමලියා | Komaliya by Prageeth Perera [2023]

Sinhala song lyrics with music notes illustration

පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවා
ලා රෝස තොලේ මා ගිමන් නිවූ
රස මනබන්දන ශ්‍රීලා

තරු පොට්ටු අහසෙ කඩා ලා
සරසන්නෙ වරලෙ ගසා ලා
සුර අංගනාව වගේ නේ ඔයා
තනි පිච්ච මලම නෙලා ලා
හිත ගත්තෙ සෙනෙහ පතා ලා
ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා

පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා…

රන් බන්දන් සාරියේ කැන්දම් මල් මාලියේ
එක්කන් යන්නම් මල් පාරේ
යන්තම් වත් නෑර මේ අල්ලන් අත් ආදරේ
දෙන්නම් ඉන්නම් පණ වාගේ

තරු පොට්ටු අහසෙ කඩා ලා…

පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා..

ඒ කොමළ කෝමළි ගානට රාගිනි
ඇවිත් මගෙ ලග දැවටුනා කොනේ
සිහියෙන් විකල් වගෙ සිතු දෙවල් හිතේ
නූල් බෝලෙ වගෙ පැටලුනා මොලේ

අපායෙන් ආවත් මන් බය නන් නෑ නෝනේ
ගෞමටයි ඔයා හැඩ සුදු බෝලේ
කසායටත් තිත තියන්නම් මන් නෝනේ
කසාදයක් කරගන්නයි දැන් නන් ඕනේ

මගෙ සුදු කොමළ කොමළි පා
ආදරය උබටමයි අම්ම පා
කොළ කෑලි ඔරුව කෙරුවා පා
වැඩපන් හැඩට තියලා පා

පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා

written by Harshana K Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply