ටිකිරිලියා | Tikiriliya by Shehara Sandaruwan X Harshana K Perera

Sinhala song lyrics with music notes illustration

නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු
ලා රතු මේ තොල ආසද හපලා බලමූ
මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ

හිත මත්වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

හිත මත්වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

පේන පේන මානෙ දිස් වෙන්නෙ ඔබව
අහල පහල ඇයො මක් කිව්වත් මොකද
තෝර තෝර හීන පාට කරන්නද
ආයෙත් අහලා වෙන කාව බදින්නද

කෙල්ලෙ ලගින් ඉද ගන්න
බය වෙන්න එපා හෙල වෙන්න
මෙල්ල කරන් දග මල්ලක් වුනත්
සැනසෙන්නෙ ලගයි මගෙ කෙල්ල

සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලග
හිස තියාගන ඔඩොක්කුවේ
කැන්දන් වඩන් යන්නම් ගමෙ තොරන් බන්දන්
මගෙ පැලෙ අග බිසවුනේ

මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු
කාටවත් මෙ ලොකෙ හිත නෑලූ
කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු
ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ

written by Harshana K Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply