මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා…
ඔබ පැතුම එය නම්…
කිලිටි අදුරේ එරී සිරවී
සියලු දේ නැති වී
සිලිටි සිරුරේ සුවද වියකි
දෙදෙලොවකට මැදිවී
හැගුමන් අතරේ සුසුමන් ඇසුරින්
ගිය ඒ ඔබදෝ මෙය අද මෙසේ
ගිලිහි වෙන්වී ගියේ
දුරස් වී විගසේ
මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා…
ඔබ පැතුම එය නම්…