කුස්සියේ | Kussiye by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

අද කට්ටිය ඔක්කොම කුස්සියේ
මොනවද කරන්නේ
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ
මොකක්ද කලබලේ
අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා
අම්මත් අද ඉන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ……

කපනවා කපනවා කපනවා කපනවා
කපලා ඉවරෙකුත් නෑ
එහාට දුවනවා මෙහාට දුවනවා තාම කෑම රෙඩි නෑ
රස කෑමක් හදලා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ
ඔයාට තියෙන්නේ කන්නයි ඇයි කලබල වෙන්නේ
කන් කන් බූරු සිං සිං ඤෝරු
අනේ මගේ ඩාලිං……

අද කට්ටිය ඔක්කොම කුස්සියේ
මොනවද කරන්නේ
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ
මොකක්ද කලබලේ
අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා
අම්මත් අද ඉන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ……

අම්මටසිරි අද කට්ටිය සෙට් වෙලා
මොනවද කරන්නේ
මාස්ටර් චෙෆ්ලා ඔක්කොම ඇවිල්ලා
මොනවද හදන්නේ
හැබැයි too many cooksලා boil the soup කියලා කියනවානේ
නෑ නෑ අද වරදින්නේ අපේ හෙඩ් චෙෆ් ඉන්නවනේ….

අද මොනවද හදලා තියෙන්නේ
අපි හැදුවොත් නෑ වරදින්නේ
හොඳ සුවඳක් මට දැනෙන්නේ
කාලම බලලා කියන්නේ
අපේ චෙෆ්ලාගේ වැඩ නම් නියමයිනේ
අපි කුකරි ක්ලාස් ගිය කට්ටියනේ……

අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ……
අද කට්ටිය ඔක්කොම……

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply