🎤 Verse 1 – බැඳීම් සහ විරහය
බැඳුනට හිත වෙනයි, නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි, ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්නු බෙනයි
බෙදාගන්නේ නුඹයි, නුඹේ ළඟ කෙනයි
දිරාපත් ව නොයයි, හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි
ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි
මම ඉන්නේ තව දුරයි
🎧 Pre-Chorus – හිතේ වෙනස
එතකොට,
පේන හැමදේම දියවෙලා ගියා
එක වෙලාවකදි මා
හිත හීන පාරේ ඉගිලුනා
වෙලාගත හීන විසඳුවා
ඉතින්,
පිණි බාලා ගත්ත බෙර
පලා මදි කියා පාද ලිස්සුවා
කාගෙත් හිත් නිසා
පාරවා මගේ පාදුවා
යලි පාර පස්සේ මා
🎤 Verse 2 – ජීවිතේ යථාර්ථය
පිනවා උඹේ මනදොල පීනා
අහුමුලු වල ඇවිදුවා පීරා
මගේ රැපට කට වහලා බීරා
තවකෙක් නැටුවා රැපට බීලා
ඒත්,
මගේ රටේ හුඟ දෙනෙකුත් බීලා
ඩොලරය ගියා රුපියලේ රීලා
ජන මතයෙන් දිනුවද ගීතා
මේක රැප Version එක Beta
🔥 Verse 3 – සමාජය සහ සත්‍යය
ඇත්තේ නැත්තේ මන්දා කොත්තමල්ලි
බොන කොල්ලෝ රොත්ත මගේ
තක්කෙට වෙන්න තියෙන දේ දන්න
හැංගි ඉන්න බල්ලෝ රොත්ත වරෙන්
යුද්දෙට යන්න යුද නොකර
ඉන්න දන්න මිනිස්සු අතර
මුඩු උත්තමයෝ අතින්
මගේ රට ගියා කොන්ද
🌪️ Bridge – අරගලය
ඇවිලුනාට පැන්නා මරු ඇටෙන්
බිහිසුණු කල රට ඉපදී ආ
පා වෙර දරන කලාවකදී
වසර වසර දින ගෙවුණි
නොදැනී මතකේ සතුටක්
නෑ සුවයක්
එහෙත්,
සෙනගට තාම තේරෙන්නේ නැත්තක්
උඹට නොතේරී උඹ තා බොජුනක්
🎶 Verse 4 – සමාජ විවේචනය
උඹ විසිකර පෝර මල්ලෙන් පැනපු
දාර පඳුරු වල රාබු බැහැලා
අර ශූර ගොවියා පාර මැද
කපලා අරන් විකුණලා දාහේ කොල
ඉතිම්,
පාර කියන තාරුකාවට මාර මල
වැස්සට කලින් තාර දැම්මා
අද පාරේ දාර වල
මට මාර මල
🔚 Final Chorus – හිතේ තීරණය
බැඳුනට හිත වෙනයි, නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි, ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්න බෙනයි
බෙදාගන්නේ නුඹයි, නුඹේ ළඟ කෙනයි
දිරාපත් ව නොයයි, හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි
ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි
මම ඉන්නේ තව දුරයි
written by Master D