විදුලි කොටයි | Viduli Kotai by Poorna Sachintha

Sinhala song lyrics with music notes illustration

පිරිමාවත පිරුනද
ඉරිමල් මදහාසිනී
නිල් මානෙල් පෙතිදෝ
නිල් ඇස්මත යාවුනේ
මාත්‍රා ගැන නොහිතා
ආල කවිය ලියවුනී
රජ වෙන්නම හිතුනා
වෙනවද මගේ රාජනී

හද ගැස්සුවා
මල් සරා මම ගොලු වුනා
ඔය අත පතා මං ඉතා
තැන්පත් වුනා

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විකාර බබරුන්ට
මල් පිපෙන කාලේ
වැරැද්ද දැක්කේම නෑ
කුමාර බබසරට අඩුපාඩු නෑ නේ
රොන් එහා ගියේම නෑ

මං උකුලේ ඇලවෙන්නම්
පෙම් යායේ නැලවෙන්නම්

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

කොපුල් තලාවන් ඒ
වැස් වසීන හාදු
මවන්න හිත නැතුව බෑ
මලවිගේ විල් තීරේ
රන් හන්ස ජෝඩු
සීතල උහුලන්නේ නෑ

දෙතොලේ පැටලෙන්නම්
ලං ලංවී දැවටෙන්නම්

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

විදුලි කොටයි
ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි
එ වුණත් හරිම රසයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply