අදහස් | Adahas by Master D ft. Dreamer [2019]

Sinhala song lyrics with music notes illustration

මහත්තයෝ…

මිටි එවුං විතරක් ඉන්න රටක

උස එවුං එකෙක් හිටියොත්

ඒක ලෙඩක්… ලෙඩක්…

උස එවුං විතරක් ඉන්න රටක

මිටි එවුං එකෙක් හිටියොත්

ඒක ලෙඩක්… ලෙඩක්…

ඒ වගේ සාහිත්‍යයට කැමති 

නැති ගොඩාක් ඉන්න තැනක

සාහිත්‍යය කාරයෙක් 

හිටියොත් ඒක ලෙඩක්..

ආ…

සිත පතයි වාසුළී

සිරස නිදි අවැසි කලට 

හැරෙන්නැති යාලුවී

පිරිසිදු පාලුවී

යන තැනක පමණක් 

අදට මට මම සෑහුනී

පතුල් මට බෑවුනී

සැම සැමට සමව 

බෙදන්න මට මග බෑවුනී

පතුල් මට පෑගුනී

සපත කලා ගමන 

මටම පුර හදක් පාගනී

ආ…

එම්බල මගෙ රැප අමුන තොට මදිවී

ගින්දර වැදි බණ විද්දා මා

ඉංගල පත්තල කෙල්ල 

හොල්ලාපන් හොල්ලාපන්

අල්ලාප සල්ලාලේ ඉවරයි මා

මන්තරේ වියදම් හක්කං 

මුක්කං වෙනකම් රැප්නම් කිව්වා

පත්තරේනම් නිකං යන්නේ නෑ මා

ගෙම්බර මගෙ රැප කරට බර අගට 

ගින්තර නැත්නම් මගෙ කර නා

බෝයි…

අත්තර මැද අලුගෝසු 

කඩිසීනි කා

මුල සිබින තුරු මත වීද හද මා

පිත්තල පන්දම් නෙමෙයි

ගිණි ගොඩක් වටෙං ගත්තා මා

පිච්චෙන තුරු මගෙ රැප

මට හරි මසුරං

ඉස්සර පොඩි කාලේ 

ඉල්ලේ පැන්නා මං

ගඟ ගලද්දි මොර 

දිදී දිව්වා ඔරුවක් හදන්

මහ විපතක් හතලිහක් අතුරුදහන්

තඩි වතුරක් මගෙ 

ඔරුව දුරට අරං යං

මවනව මන්දිර මගෙ උඩ උඩ

සමහරක්ට මගෙ

රැප අඩු කාලෙ වඩ

නලවලත්ම දෙන්නම් 

රැප අද බඩ කඩ

මගෙ වචන වෙලා රැප 

ඇතුලේ තද බද

බෝයි…

බෙරේ බන්දලා ඇද්දා වරපට

හඬට අලියා පෙරලං 

දිව්වා අලිවැට

රතට උබෙ යක්කු 

නැට්ට හපං දත කට

අදට ඉන්න දෙන්නං 

ඇති රැගුවා වට පඩ

බෝයි…

දැන්නම් බෝම කලුයි

මගෙ රැප බෝල දමමින්

නටයි දැන් උබ ඕන කමින්

ඔන්න මං රැප් බෝල දැම්මා

ගින්න මතින් ලංකර

ගතින් ආවට රතින් තාමත්

කටින් ආවට වතින් යාමත්

රැපෙන් යන්නෑ හිතින්නම්…

සිත පතයි වාසුළී

සිරස නිදි අවැසි කලට 

හැරෙන්නැති යාලුවී

පිරිසිදු පාලුවී

යන තැනක පමණක් 

අදට මට මම සෑහුනී

පතුල් මට බෑවුනී

සැම සැමට සමව 

බෙදන්න මට මග බෑවුනී

පතුල් මට පෑගුනී

සපත කලා ගමන 

මටම පුර හදක් පාගනී

ගත්තට වටිනා කම

කෙල්ලට කිස් එක 

ඉල්ලන පැත්තට

පට්ටල හැමදාම අස්සට

මිස් වුන ඇස් ඇර ලස්සන පස්සට

කටුවට ලියවුන ජීවිතේ 

මාර ෆාන්… මාර ෆාන්…///

වස්සල ගත්ත මම රැපෙන්

කන්දට මැද්දෙන් පීල්ලක් දැම්මා

උස්සලා ගත්තා සෙංකඩගල

කවුද දන්නේ ඒ බව

කොච්චර ඇහුවත් රේඩියෝ එකේ

යන්නේ නෑ මගෙ කතා

උබලා මරා ගත්තා

මම හිටියේ යාපනේ මිදි කකා

මොකටද කොළඹට ජැකට්

අපෙ ගමට බ්‍රැකට්

ගැලවීලා ගියා විකට්

උබ ගහද්දි ක්‍රිකට්

සීතල සෙල්ලම ඇටෙන්

ගැලවුනාද රැපෙන්

ගී කර දෙන්න රැපෙන් මම

තාම අඩු කෙනෙක්

මට බෝතල් පත්තර 

මූඩි වල පෙනුනා

මගෙ කූඩෙ පුරවලා 

භාර ගන්නා 

රැප් මම නග්ගලා  

කනෙන් ඇදලා ඇදං යන්නේ

පස්සෙං ආවට උබ ඉතිං

උබෙ හිත වෙනෙතෙකින්

මගෙ රැප මට රති

උබේ වත්තේ බැදපං වැස්සි

උබේ රිද්දලා ගත්තොත් 

කොල්ලෝ 

උබෙ හිත අද්දලා මගෙ ලගට

වත්කරලා දෙන්නේ පිත්තල නෙමෙයි

රත්තරං උබෙ කටට

පන්නලා රතු ලූණු පොතු

රැපෙන් ආයේ ගලවා බිමට

වත්තේ වැටෙං පද අරං

ලයින් කරේ මම රැපට

උබෙ රැප මනලෝලයි

මගෙ වදන් විසඝෝරයි

අත්තෙන් අත්තට කටු මලක්

පිපුනොතින් පැනි බේරෙයි

මගෙ මලේ කොපි බෝමයි

තොට දෙන්න ගුටි තෝරයි

මම දැම්මේ හොද පෝරයි

ලග ගියොත් පිට හූරයි

අද මාරයි අද මාරයි

මගෙ සුදු අද මාරයි

අත මාරයි…///

ඔය වගේ ඉදලා ඉදලා 

ඉදලා ඉදලා කවදා හරි 

දවසක උන්ට තේරෙනවා

මේ මම කරන්නේ පිස්සු 

වැඩක්ය කියලා. අන්න 

එදාට උං ආපහු එතැනට 

හැරෙනවා.

ඒ හැරෙනකොට,

මල් වේලෙන නියකං 

කාලේ ඉවර වෙලා 

වහින වැස්සට

අපි සාහිත්‍යය ගබඩා 

කරලා තියෙන්න ඕන මහත්තයෝ…

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply