ආඩම්බර සඳ | Adambara Sanda by Kasun Kalhara

ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද
කෞමතී මලක් යහනට එවන්නේ කවදද

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා…
ඕ…. හොඕ…
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා….

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා…
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා…

ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *