අහිංසක මාගේ හිත | Ahinsaka Mage Hitha by Surendra Perera

Sinhala song lyrics with music notes illustration

අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
ඔහුගේ ලෝකෙට වී රැවටුවා
ඔහුගේ ලෝකෙට වී රැවටුවා

අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්
නුඹව පතන අය ඇති ඕන තරම්
එත් නැහැ කවුරුන්වත් නුඹට ආදර මෙතරම්
පෙති නොතලා සිපගන්නේ නෑ කව්රුත්
හරි ආදරෙන් මං තරම්

හිතක තියෙනා හැඟුමන් කියාදෙම්ද කොයි විලසින්
ගුලි වෙලා මාගේ හදවතින් කියා දෙනවද ආදරයෙන්
කඳුළු පිසදා සෙනෙහේ සිතින්
මියෙන තුරු මම ඉන්නම් ඔබේ ළඟින්
හරි ආදරෙන් මේ තරම්

අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
ඔහුගේ ලෝකෙට වී රැවටුවා
ඔහුගේ ලෝකෙට වී රැවටුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply