අමාවක | Amawaka by King Lotuss x Dilu Beats [2024]

Sinhala song lyrics with music notes illustration

මෙහි සටන් කරද්දි
අවි ආයුද ඕනෙමයි
තාම අතීතයන් මතක් මරද්දි මතක කලින් තිබු මූනමයි
කෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවකුට සුවද දුපමයි
ඔය එකෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද කියා ඇහුවෙම ඕප දූපමයි

ඔන්න ඕකමයි
මම හුරු උනෙ මට දුක හිතුනම ලියන්න මේව
අපි දෙන්නගෙ ඉතිහාසෙ නෙවෙයි මෙතන කතාව
කියන්න ඕන්නැහැ ඒව
සැනසේව
මන් මගේ සැනසීම හෙවුවෙ සන්ගිතෙ තුලින්
කාට ආදරෙයි කිවුවත් හැමෝම තමන්ටයි ආදරෙ මුලින්

ඉමු දුරින්
දෙපැත්තට
වී මම අද මුහුන දෙමි ඇත්තට
නුබෙ දිවිනම් වී කරල දෑ කැත්තට
හසුවී අවසානේ නැති උනා නැත්තට…

මගේ කැමැත්තට
නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්නට
අවසන්ම
හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න…//

මේ රාත්‍රියෙ මා කෙරේ
එලිය දුන් ඒ සදේ
ආකාසයේ නෑ

ඒ චන්ද්‍රයා කෙරේ
කලු වලා පා කෙරේ
ආකාසයේ

අමාවක රෑක පාලුවේ
අදුර මට දුන්නු හාදුවේ
මතකය ඈත අම්බරේ
සිහිවී ගොලු උනා

පුර හද තාම වාරනේ
මේකද සාදාරනේ
ඇයිද සද නාව කාරනේ
සිතමී රෑ පුරා

තාම මාව මතක් වෙනවද
මට වගේම එහෙම වෙනවද
ඇස් ඉදිරියෙ එක සැරයක් මැවෙන්න සැවිව නැවත ගේනවද
හිත ගේනවද මම ඉවසන්නම්
දෙයක් විමසන්නම්
නුබගෙ ඉරනම අවසන්නම්
ඔතන ඉද්දි මාව පේනවද

තිරිවාන ගල් බොහොමයක් මැද දුටු දිය මන්තිය
ඇතැම්විට මග ඇරෙන්නැති උබට ජීවිත පන්තිය
මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන්
ඇයි අපෙන් ගන්න ඕන පලිය උබෙන් අරගත්තෙ පෙම් වන්තිය

මට ගායකයෙක් වෙන්නට කියලා මට ලන්වුනා
ඒ පොරොන්දු මම තාමත් රකිනව තැනකදි මන් අතරමන් උනා
එකදිනකදි මම වේදිකාව අබියස ඉද්දි
ඇමතුමකින් කෙනෙක් උබෙ මරනය ගැන මට කිවුවා
ඒ ඇමතුම අවසන් උනා

එතනදී ඇස් ඇරුනා
හිත අනන්තයේ සැරි සැරුනා
සින්දුවක් නිසා මග හැරුනා
ඔවු මලක් අකාලයෙ මැරුනා

මම දන්නවා
ඔයා ගියේ මේක වෙනව කියා දැන දැනමයි
මගෙ කෙල්ලගෙන් අහපන් බොරුනම් වැඩිපුර කියෙවුවෙම උබ ගැනමයි

අමාවක රෑක පාලුවේ…

පුරහද තාම වාරනේ…

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply