අම්මා | Amma by by Uzi Senadheera [2021]

Sinhala song lyrics with music notes illustration

අඩ අදුර මැදින් පුන්සද වී එලියක් ලැබුනා
සංසාරේ දිවිකතරේ දිය පොදක් ව උන්නා
පෙනෙනා යනෙනා හැමතැන
හරි වැරැද්ද පෙන්වා
සංසාරෙන් සංසාරෙට
නුඹ මගේම වෙන්න අම්මා

නුඹේ ලෙයින් කිරි දුන්නේ
තවමත් ඒක රහසක්
පහස විදින්න ආසයි අම්මේ
නුඹේ තුරුලේ දහසක්
ලගට අරන් සැනසෙව්වා
කොහෙද වෙන සැපතක්
නුඹේ තුරුලෙම ඉන්න ඕනේ
ඒක සූර විමනක්

යන්නෙ කොහෙද හරි පාරෙද
කියලා හෙව්වේ නුඹ විතරයි
මගේ ලෝකේ මටත් කලින්
සැලසුම් කරලා නුඹ ඉවරයි
සංසාරේ පුරා
ලගින් ඉන්න පතමි මෙමා
දෑත් එකතු කර වදිනෙමි
අම්මේ මම නුබේ දෙපා

කාට කොහොම උනත්
මම අම්මගෙ චූටි පුතා
ලගට අරන් සැනසෙව්වේ
කියලා සුරංගනා කතා

විරාම නැති ආදරයක්
මගේ දිවියට හිමි කෙරුවා
හෙවනැල්ලක් වගේ
මාත් එක්ක සැරිසැරුවා

කරන්න ඕනේ උනේ රජෙක්
ඒත් තවම සතෙක්
වෙන්න ඕනේ ලෝකෙම නැති
අංක එකේ පුතෙක්
කවදක හරි වෙනවාමයි
මගේ අම්මට ඇතෙක්
නුඹේ ඔවදන් සිහි වෙනකොට
දුක ගලනවා සිතෙන්

අඩ අදුර මැදින් පුන්සද වී එලියක් ලැබුනා
සංසාරේ දිවිකතරේ දිය පොදක් ව උන්නා
පෙනෙනා යනෙනා හැමතැන
හරි වැරැද්ද පෙන්වා
සංසාරෙන් සංසාරෙට
නුඹ මගේම වෙන්න අම්මා

කල වරදට නුබ දුන්නේ
අම්මේ මට කෝටුපාර
පිලිකන්නේ නුබ අඩනවා
මගේ හිතත් පාර පාර
පොත පත දේ විතරක් මදි
ඉගෙන ගනින් සාරදර්ම
එක දවසක් නුඹ කිව්වා
පසුපස එනවාලු කර්ම

ජීවිතේ සාගරේ මවනවා
නුඹ කපිතාන් කම දැරුවා
අවසානය උනේ තිතක්
නුබේ ඔවදන් මගහැරියා
වැරදි පාරේ මම දිව්වත්
මං එනකන් පාරේ ඉදන් මග බැලුවා

නුඹේ ආදරේ භාවනාවක්
මගේ ගමනට කාරනාවක්
ජීවිතේම වන්දනාවක්
උඹේ සෙනෙහස වාසනාවක්
තිබ්බත් නැතත් මිල මුදල්
නෑ ආදරෙ අඩු වුනේ
නුඹගේ සිත ආදරයෙනි සරු වුනේ

කදුලු වලින් බොද වුනේ
හොද මිනිහෙක් වෙයන් කියලා
මගේ දිහා බලන් ඔයා හිනැහුනේ

අඩ අදුර මැදින් පුන්සද වී එලියක් ලැබුනා
සංසාරේ දිවිකතරේ දිය පොදක් ව උන්නා
පෙනෙනා යනෙනා හැමතැන
හරි වැරැද්ද පෙන්වා
සංසාරෙන් සංසාරෙට
නුඹ මගේම වෙන්න අම්මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply