in Kanchana Anuradhi

අම්මා වගේ | Amma Wage by Kanchana Anuradhi [2021]

මාගෙන් ඈතට
යනවාදෝ නුඹ
ස්නේහයේ මුදු පළඳා
හදේහී නැගෙනා
හැගුමන් බෝමා
පවසනු බෑ නුඹ හා

අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

දෙව් දූ නුඹමයි
මල් වැහි වෑහෙයි
කුමරුන්ගේ තුරුලේ නිවෙනා
මා පිය සෙනෙහේ
නුඹෙ හිස පළඳා
වැජබේවා… සැමදා

අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

banner

Leave a Reply