අම්මේ | Amme by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

මට මතක ඇති කාලේ ඉදන්
පොඩි කුඩේ අරන් පොඩි අඩි පාර
ගාව ඉදන්
මම ගනන් කරා ගෙදර ඉදන් අඩි 100ක් ගෙවන්
නුඹ යනවා හැමදාම පොඩි කාසි හොයන්
අම්මේ

හැමදාම අනුන්ටම නුබ හම්බකරන්
දෙන දෙයක් අරන් ඇව්ත් අපිටම පුදන්
දවසක් හදිස්සියකට හෙව්වා රුපියල් 100ක්

අම්මේ කෝ පර්ස් එකෙ නෑනේ සත පහක්
අම්මේ කෝ මහන්සියෙන් හම්බ කරපු දේවල්
සතියට දවස් පහයි සති අන්තෙ හිටං
මම දැක්කා නුඹ කාපු කට්ට මාස ගනන්
අඩෝ ඇයි කවුද මගේ අම්මව කෑවේ හූරන්

හිතෙනවා ඔළුකටු කුඩුකරන් යන්න
සිස්ටම් එක හදපු හරකව මරන් කන්න
තත්ව හදාගෙන ego එක fill කරන්න
එකෙක් පෑගෙන්නම ඕනේ
එකෙක් ගොඩ යන්න

වැඩකට නැති කොලේකට value එක
ආටෝප රජ වෙන කාලෙක
මම මවනව හීන ලෝකයක් මගේම
මගේ අහින්සක අම්මට පාඩුවේ ඉන්න

අම්මේ මට බැ නුඹ විදි දුක බලන් ඉන්න තවත්
තව නම් බෑ නුඹව හූරන් කනවා බලන් ඉන්න
බර ඇද්දා ඇති නේද දැන් නවතින්න
මම ඉන්නවා නේ අපේ හීන හැබෑ කරලා දෙන්න

වචනෙකින් හරි නුඹව රිදුව එකෙක්ව
දෙපාරක් හිතන්නේ නම් නෑ මරාගෙන මැරෙන්න
හීනෙකින්වත් හිතුවේ නෑ කදුලක් දෙන්න
රත්තරන් අම්මේ මම චූටී ආදරෙයි පැලෙන්න

මේ moment එක ඇති හොදට හිනාවෙන්න
හැමෝටම ආදරෙයි හිත පිරෙන්නට
තියෙන දේ හොදාටම ඇති සෑහෙන්න
ඒකම තමයි එයාගේ හිතේ සුපර්පවර් එක

මගේ අම්ම කූඹියෙක් වගේ අහින්සකයි
ටයිටේනියම් එයාගෙ හිත මාරම හයියයි
හැමදේම ගොඩ ගහගෙන ඉන්න කාලේ
ඒත් තියන පොඩි දෙයත් දීලා දානවා එයා එහෙමයි

ඔයා වැදුව එකෙක් හදනවා ලෝකේ ලොකු තැනක්
තව එකෙක් ලෝකේ නලවනවා ගීතයෙන්ම
මට හිතාගන්න බෑ අම්මේ ඔයා ගැන
පර්ස් එකේ සල්ලි නැතත් ඔයා දුප්පත් ද

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply