සීතල ගිනි | Sithala Gini by Zany Inzane [2023]

Sinhala song lyrics with music notes illustration

සීතල ගිනි //

අදින්නෙ දිවි මකුලු විස
උරුම නැ දෙයක් මරනෙ මිස
පනනැ කොදු තියන්න තිත
සමාජෙ නොව දුර්වල හිත

සමහර කොල්ලො පිච්චුව දිව
ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
ආව මං දිව

මේකද සැප නැ මේක දුක
වෙන්නෙ නෑ පොර
වීදුරු කෑලි රත්කලාට මොල
විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
පැනල ඉර

දැන් මගෙ සමහර යාලුවො සික්
දකින මිනිස්සු කියන්නෙ ශික්

වචනයක් ඇති දාගන්න වලි
මේ වගෙ හැසිරුන්නැ මීට කලින්
සීතල හේතුවක් දැන් පිලිගනින්
ඕව විසි කරපන් මැරෙන්න කලින්

නැ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
ලස්සන් පව්ලක් කලා මලගෙයක්
නැ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
නැ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //

දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම

ගෙවන්නෙ පව් නැහැ උදව්
ඔව් ලංවෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි

තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
මොනාද තව ඉතිරි දෙ
සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
බලපන් උබ දිහා
ඇගම යන්නෙ දිරා
ජීවිතෙ වැරදිලා
හිතපන් නැවතිලා
කියන්නෙ කාලකන්නි එ නම කැතවෙලා
අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා

written by Zany Inzane

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply