Sinhala song lyrics with music notes illustration

වශී වී මාගේ නෙතු පියන් – මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන් – සසල සළෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි – මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක – කල් ගෙවමි ඔබ සමඟින්

මල් සරාගේ දුන්නෙන් ගිලිහුණු ඊතලේ
මම දන්නේ නෑ ඒ හීය මට මොකක්ද කළේ
ඔයාගේ අත ගන්න හීන ගොඩක් හද පතුලේ දිළේ
මල් පිපුණා වගේ මැල වෙන්න ගිය රෝස පැළේ
Shawty මගේ හිත කාන්දමක්
ඇදෙන්නේ ඔයාගේ ළඟට අල්ලගෙන කුරුමානමක්
සමරු පොත ගන්න කියලා දෙන්න පාඩමක්
ඔයා වෙනුවෙන් ගන්නම් මම ඕන අවධානමක්
මාවතේ මා අතේ රන්දා ඇඟිලි තුඩු හිතුමතේ
තුරුලු කරන් සුරතෙන් යන්නයි මං දිගේ
මං හිතෙන් ඔබ ගත සිඹ ගන්නයි දෙන නදේ (ඇගේ)
අහිතකරයි මට අදි සාන්ද්‍ර මත් පෙති
දැන දැනත් නුඹ අත් හරින්න බැරි හැටි
පුරුද්ද නෙමෙයි මේක මගේ ජන්මෙ වෙන්නැති
පස්සෙන් ගෙන්න ගත්තා නේද මාව Shawty දැන් ඇති

මට පෙන්නන්න පාර හීනෙ කෝඩුකාර
නොකී ආදරේම ලිව්වෙ මම නුඹේ නමට දාව
සඳ ඇති රෑක තැනූ හීන මාලිගාව
හැදුවෙ නුඹට හිත පොඩිකර යන්න එපා දාලා මාව
මං තාම ඔයාගෙ ආඩම්බර නෙතු ගාව
මං මුලාව හොයා ගන්න බැරුව දිශාව
වංකගිරියක ඉන්න මට නුඹයි මාලිමාව
Shawty අහගෙන ඉන්න එන්න මගේ ජීවිත කතාව
ස්වර්ග මෝක්ෂ සැප සිහි වෙනකොට
ඇගෙ රක්ත තප්ත නෙතු ආවේණිකයි මට
කලාව පුද දෙන්න මං වගේ සිත්තරෙකුට
නුඹේ අත හිමි නෑ හඹා එන බොහෝ දෙනෙකුට
නාග කන්‍යාවී මගේ දපනෙ වැටුනා මම
ඔය පින්තාරු කළ රුව සන්ධ්‍යාවකට සම
තණ්හාව ආශාව කැටි කරගෙන
ඔයා ළඟ වස්සන්නම් වැහි මන්දාරම

written by Sandali Pabasara, Lakshitha Mihiran & Rusiru Anuththara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply