අනේ ඔයා | Ane Oya by Sachini Nisansala [2023]

Sinhala song lyrics with music notes illustration

මේ ආකාසේ පුරාම
මන් සොයමී හැමදාම
රූ නාරී තාරුකාව
බැබලේදෝ මා ගාව
සෑම දාම මන්…. පෙනේවා කියා පතන්නම්
ආදරේට මන්…. ඇසිපිය නොහෙලා ඉදන්

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා

පෑව ඒ ආල හිනාව
මන් දකිමී සද ගාව
නුබ නැති මේ හැන්දෑව
තනියම හැඩුනේ නොදැනීම
පාලු රෑට මන්…. ඔබ මා ලග යැයි සිතන් සිඹින්නම්
ආදරේට දැන්…. ඔබගේ සලුවක් වුනත්

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද
මා නොසිතාම ඔබ ගැන නොසිතාම
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා

written by Dilan Weerasooriya

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply