in Janith Iddamalgoda

අන්සතු වුණත් | Ansathu Unath by Janith Iddamalgoda

වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා
ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

කාටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා
ළං වුණෙත් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා
මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

වරදක් කියා…../

written by Janith Iddamalgoda

banner

Leave a Reply