අනුලා | Anula by Malini Shyaradee ft. Tharindu Damsara [2021]

නුරාවී මා අනුලා නෙතු රවටන
කාමයේ ධේනුව සේ ගත පිනවන
රමණයේ අහවර දුක් ගිණි උහුලනා
සිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳවුනා

විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනා
වියපත් වූ පාපියෙකු අතින් බඹසර බිඳුණා
විඳවනා මා ගතේ දුක් රුධිරයේ පෙඟුණා
එලෙස විදි දුක් විෂ බඳුන් වල මුහු වෙලා තිබුණා
බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා

රජ මැදුරු වාසල එහා නෙක ගම් දනව් පීරා
දාහයෙන් නැහැවුන ගතින් මා ආදරේ හෙව්වා
වංශයේ දීපංකරේ සැම කුල සිරිත් වනසා
ප්‍රේමයක් නොලබාම මා ගිණි චිතකයේ දැවුණා
බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *