දකින දවසක | Dakina Dawasaka by Sashika Madushani ft. Tharindu

Sinhala song lyrics with music notes illustration

වන් වන් රුව වැනුම් කරවා පිපි මලක් මෙන් කතර
තලා පොඩිකර උරා රොන් බොති ඒ මලෙන් මත් බඹර
වැදී රිදුනත් ඇනුම් පද ගල් අම්බපාලිට නිතර
කොහෙද සිදුහත් පිරිමි ඉන්නෙ ගිලීමල් දන අතර

ක්ශීර රුහිරය වෑහෙනා බව හෘදයේ ඉද දුවන්
ජීව උල්පත කරණා නුඹ හුස්ම ගන්නට සිටන්
මාතෘ ස්නේහය සාදනා බව ගෑනු සිරුරම දරන්
දකින දවසක යන්න පුලුවන් අම්බපාලිට නිවන්

හිත බැදෙන තැන මුසා දොඩමින් ඔවුන් ලිහුව සලුව
එතැන ඉදලා සඳ වසාගති වළාකුලුවල කලුව
පද බදිනා අය වසාගෙන ඇතුලතේ ඇති රලුව
දෙව්දත් වුනා බෝසත් දනන් හූරමින් ඒ පපුව

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply