අපේ පොතේ | Ape Pothe by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ

අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ

එදා පවා, මෙදා පවා, රටක් වටින
අපේ කතා, ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්න අතත් හපා දමා, අඟත් කකා
කණත් කකා, හිතුමතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ කැපී පෙනී
සැපේ හිඳින්නේ, මෙකී නොකී, අපේ කතා
මේවා අපේ අපේ කතා නේ…

සමහරු ඒවි හිතවත්කම් පෙන්නා
මග අහුරාවී, ඒ මොකදෝ මන්දා
පැරදෙනු නැහැ නේ, සූස්තරේ දන්නා
කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා
මේ වගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ…

එනකොට ආවේ තුත්තිරි ගහ අල්ලා
යලි යන කාලේ, ඒ මතකේ බිඳ
තව සමහරු මේ කෑගාන්නේ ඉල්ලලා
වැරදුණු විටදී යාවි අප හිඳ
මේවගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply