in #GoHomeGota2022, OOSeven, Shammi Fernando

ආසම | Asama by Shammi Fernando ft. OOSeven [2022]

දකිනා නැහෙනා
දකිනා හැම හීනයේ
මැවෙනා හැම වාරයේ
මට ඕනා නුඹ ළඟ ඉන්නයි
හැම හෝරා නුබවම සොයයි

ආසම ආදරේ නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ ඔබ මට ලං කළා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව

දිගස්සියේ ඔය බැල්මන් හද කිති කැවෙනා
රුවත්තියේ ඔය සිනහව මගේ ලොව මැරුවා
නැලවෙන උකුලේ තාලෙට ඇස් මගේ පැද්දෙනවා
සැඟවුණු නුඹේ ලොවේ තනිවම පහසක් විඳිනා

ආසම හීන පාරේ ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානේ මගේ හිත යා වුනාවේ
ආසම හීන පාරේ ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානේ මගේ හිත යා වුනාවේ

ඈ කළඹාවී මා සනසාව් මා
පෙම් සිතුවිලි අවදිවුනා
දැනුනා පිනවන්න මා
ගිනිගන්න හදවත මොහොතකට සතුටු වුණා
දැනුනා මං ආසයි ඈ රහස් කියද්දී
ඇස් පිල්ලම් ගහද්දි හුරතල් වචන මුමුනද්දි
නොපෙනෙන මං ආසම දේ
මගෙන් සගවද්දි
ආලෙන් වෙලී මන්මත් වී දෑස දිහා බලන්
ගෙවෙන තත්පර වටිනවා රත්තරන් සේ
දහසක් ඉන්න තව දවසක් ඉන්න
එනකම් බලන්
මට උණුසුම දැනෙයි ගිණි උදුණේ
පිච්චෙන තරමට තව රස දැනුනේ
නොතේරෙන අරුමේ කිමද ළඳුනේ
නිල් දෑසක් දැක සිත බැදුනේ

ආසම ආදරේ නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ ඔබ මට ලං කළා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව

ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගේ ලොව
ආසම ඔබම තමා
ආසම ආදරේ ඔයා
ආසම ඔබම තමා

banner

Leave a Reply