පමා වෙලා | Pama Wela by Samitha Mudunkotuwa [2022]

Sinhala song lyrics with music notes illustration

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සදු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

තව්තිසාවෙ මග සලකුනු දැනෙනවද
පර සතු උයනේ සැතපී අපි ඉන්නවද
අමා ගගුලෙ අප කිමිදී සැනසුනිද
සිළුමිණ සෑය බිද අපි පව් ගෙවනවද

රැහැයි නදක හඩ මිහිරත් නොදැනුනිද
සයුරු රලක පෙරලෙන නද අමිහිරිද
ගැහෙන හදට පෙම්සුව රස තහනම් ද
නියම් කලට ආපු වැස්ස අනියම්ද

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සදු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply