in #GoHomeGota2022, Samitha Mudunkotuwa

පමා වෙලා | Pama Wela by Samitha Mudunkotuwa [2022]

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සදු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

තව්තිසාවෙ මග සලකුනු දැනෙනවද
පර සතු උයනේ සැතපී අපි ඉන්නවද
අමා ගගුලෙ අප කිමිදී සැනසුනිද
සිළුමිණ සෑය බිද අපි පව් ගෙවනවද

රැහැයි නදක හඩ මිහිරත් නොදැනුනිද
සයුරු රලක පෙරලෙන නද අමිහිරිද
ගැහෙන හදට පෙම්සුව රස තහනම් ද
නියම් කලට ආපු වැස්ස අනියම්ද

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සදු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

banner

Leave a Reply