in Damith Asanka

බාගෙට සැලුන් දොරින් | Bageta Salon Dorin by Damith Asanka

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
පෙම්පත් පොතෙන් පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරිටි අහක බලා ඉන්නා

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ
මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ
එක පිට එක පිට ඊ විදිනා
ශිල්පය පසෙක තියා සිල්පද බිඳිණු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

Leave a Reply