වැරහිලි ඇඳ | Warahili Anda by Gunadasa Kapuge

වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි

තණ පලසේ බිම ඔවින දිගා වී
ලැම කිණිසි තුඩක් ඇණුන කුමාරි
කණ කර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ කොහෙද කුමාරි

වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි

බිම යකඩ කඳන් වලට මුවා වී
සුදු මිනී වලක් මතුව ගියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවි
උන් උදුරා ගත් සළඹ බිඳිවී

වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි
ඉඳිකටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරි
වැරහිලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි

විදුලි මිණි පහන් | Widuli Mini Pahan by Gunadasa Kapuge

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ

පුරාගෙන පිරූ හිතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි
සොඳුරේ මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

තියා අතීතය | Thiya Atheethaya by Gunadasa Kapuge

තියා අතීතය මා ළඟ
පියඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී

කියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණ ඉසව්වේ
ඇවිලෙන සංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ

තියා අතීතය මා ළඟ
පියඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී

හදේ ගැඹුරු බව
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරම මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ

තියා අතීතය මා ළඟ
පියඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී

පාළුව දෙවනත් කරලා | Paluwa Dewanath Karala by Gunadasa Kapuge

පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ…‍උළලේනෝ..

හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ…
උළලේනෝ….‍උළලේනෝ…

ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
උළලේනෝ….‍උළලේනෝ…

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම ‍දුක් නැතිවන්නේ…
උළලේනෝ….‍උළලේනෝ…

තරු රෑන රිදී | Tharu Raana Ridi by Gunadasa Kapuge

තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා

ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා
දෑස ඇගේ මා කලඹයි සීත දැනීලා

තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා

මා තනිවූ තනි පැදුරේ අඳුර නිවාලා
දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා
මා නොපෙලා තවම දිලේ කැළුම් නිවාලා
බාල සඳේ මා හැරයන් ඈත බලාලා

තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා

තිසර තුඩට | Thisara Thudata by Gunadasa Kapuge

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

කොලොම් වන හිසේ මුවරද මමන මද පොතේ සීතල
වපුල කලාපේ මංගල යහන් සළුව සෝදා
සුසුම් වලින් වියැලෙන්නට ඉඩ හරින්න රාධා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

නියඟලා මලින් සෝභන කළිඳු ගං තෙරේ වන ගැබ
දිය ගෙවල පිරුනු උණුසුම නිවාලන්න රාධා
ලහෝ පලු සිහින හෙල්මැලි සඳුන් කල්ප තවරා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

උන්මාද සිතුවම් | Unmada Sithuwam by Gunadasa Kapuge

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්‌ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවී එක්‌ටැම් ගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්‌ටැම් ගේ

දහසක්‌ මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවී එක්‌ටැම් ගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්‌ටැම් ගේ

උතුරු කොනේ | Uthuru Kone by Gunadasa Kapuge

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ

කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ

එක මවකගේ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොම වන්නයි කිසිදා

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ

තරුමල් යායම | Tharumal Yayama by Gunadasa Kapuge

තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ උමතුවෙනි

තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි

තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ

සොඳුර නුඹ ලිහිණියක | Sondura Numba Lihiniyaka by Gunadasa Kapuge

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින