රූ චායා | Ruu Chaya by Shashi X Chathumi [2024]

ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා

කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා

ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා

රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසීම දේ පතා
ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා

ආදරේ සද මා…

ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දාමා
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා

කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා

ආදරේ සද මා…

written by Shashika L Gunsekra