අහසක තනිවෙලා | Ahasaka Thaniwela by Yomal Samarakoon [2020]

සද ඇති රැයකදී මා
අහසක තනිවෙලා
තරු වල හැපි හැපි මා
සදටම පියැඹුවා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා
උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

තරු මන්දාකිණිය පුරා
අවකාශයේ සැරි සරනා
හුරු පුරුදු තරුත් තිබුණා
පෙර භවයක සිට දන්නා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා
උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

අතරමං වුන තරුවකි මා
මංදාකිණියක ඇදෙනා
ජීවයකට සිරවීලා
කාලයෙ යදමින් බැදිලා

සද ඇති රැයකදී මා
අහසක තනිවෙලා
තරු වල හැපි හැපි මා
සදටම පියැඹුවා

උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනා
ලෝදිය උතුරන ග්‍රහලොවකට හිම වර්ෂාවක් වැටුනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අපේ කතාව | Ape Kathawa by Yomal Samarakoon ft. Tharindu Damsara [2018]

සංසාරයේ පෙම් නැවතුම් පොලේ
අපි හමුවීලා නොදොඩා ඉමු
සිහින තුහින මල් හැලෙන පාරේ
තුරුපත් අගින් පින්න විසිරේ
කෙහෙරැල් අතර මුවග සැඟවේ
කෝල සේ…
අපි හමුවීලා නොදොඩා ඉමූ….

අහසේ නුඹ තියලා බලාගෙන
නෙත් පියන්වත් නොලා
හිදින් නුඹ ලඟ නතරවෙන්නම්
කෝල බැල්මෙන් නුරා
ඉතින් අත් පටලවා යනකොට
ඉසුරුමුණියට පවා
සත්තකයි ඉරිසියාවක් ඇති
නොමල ප්‍රේමය නිසා….

ඉල් මහේ නිලි වැස්ස අරගෙන
නැකැත් දවසක් බලා
අපි අපේ වග ලොවට කියමුද
තවත් කුමටද පමා
හඬ නඟා මොනවා කියන්නද
ඇස්වහට ඉඩ තියා
සංසාරයේ ඉම දකිනකම් අපි
හමුවීලා නොදොඬා ඉමූ….

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ප්‍රේමිය | Premiya by Tharindu Damsara ft. Yash Weerasinghe & Yomal Samarakoon [2019]

දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමය
දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමිය
සංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමය
මමත් ලැහැස්තිය නුඹ නැත තවම
ප්‍රේමිය…

නුඹ නුඹම ය මම මමම ය
අපි හමුවුන නොනිදි රැයට
මට මතකය නුඹ තුරුලට මං විහිදුව
හුස්ම පොද
මකරන්දය වෙළුණු හවසක
සියොතුන් ගී ගයනා දවසට
අපි හමුවෙමු අපි අතරම
ප්‍රේමය…

යශෝදරාවියක් වගේ මා වෙනුවෙන් ඉපදුනාය
ජීවිතේ හොදම හරිය නුඹ එක්ක ගෙවෙනවාය
මකරන්දය වෙළුණු හවසක
සියොතුන් ගී ගයනා දවසට
අපි හමුවෙමු අපි අතරම
ප්‍රේමිය…