දාම් (Theme Song) | Daam (Theme Song) by Dhanith Sri [2020]

Sinhala song lyrics with music notes illustration

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරේ
අහසක් තරම් බව
නේද කීවේ
ඒත් අම්මා නැතිව කොහොමද
හිතාගන්නේ

ආදරේ අහසේ
උදා වෙන බව
හදයි දන්නේ

දූගේ අම්මා තමයි හද මත
හිනා වෙන්නේ

හැන්ගි මුත්තම්
සෙල්ලමත් මට
එපා වේවී

එන්න අම්මේ
මාව අමතක වෙලාවේ
දූගේ අම්මා
හීනෙනුත් තුරුලුව හිදීවී
හෙටත් රහසින්
බලං ඉමු හාදුවක් දී

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply