දකින දකින | Dakina Dakina by Kushani Kavindya ft. Dulan ARX [2021]

Sinhala song lyrics with music notes illustration

ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා..
මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා..
ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා..
මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා..

ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා..
ඇස් කොනින් මා දිහා.. ඇයි බලන්නේ ඔයා..
ඒ දැනුන දැනුන දැනුන හැඟුම විඳින්නේ මෙමා..
දැන් ඉතින් පෙම්බරෝ.. මට කියන්නකෝ නුඹේද මා..

ඇඹලයෙක් මං
පැණි මුට්ටියකට වැටුණ
තව තව මත් වෙලා ගිලෙයි දැං
ගොඩගත්තට ගොඩ නොඑන

ලව් සන්නිපාතේ හැදිලා
මම බිව්වෙත් නෑ
ඒත් වැදිලා
මට්ටු වෙන්නෙත් නෑ
රෑක වැටුණු වලට දවාලේ ආයෙම ආයෙමත් ඔන්න බං පැනලා..

මම සීරුවෙන්
හිත ඇතුලෙන් නටන්නේ යකා
දුර දිග නොබැලුව විහිලුවෙන් නුඹේ හිත රිදුණාද නගා..නගා..??

බොරු චාටු නෑ
මම නාහෙට නාහන එකා
ඔයා එනවානං ඉතිං කාරි නෑ
හඳ පානෙම යමුද නගා..නගා..

ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා..
ඇස් කොනින් මා දිහා.. ඇයි බලන්නේ ඔයා..
ඒ දැනුන දැනුන දැනුන හැඟුම විඳින්නේ මෙමා..
දැන් ඉතින් පෙම්බරෝ.. මට කියන්නකෝ නුඹේද මා..

ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා..
මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා..
ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා..
මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා..

ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා..
ඇස් කොනින් මා දිහා.. ඇයි බලන්නේ ඔයා..
ඒ දැනුන දැනුන දැනුන හැඟුම විඳින්නේ මෙමා..
දැන් ඉතින් පෙම්බරෝ.. මට කියන්නකෝ නුඹේද මා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply