ආල ලවන් | Aala Lawan by Sanjula Himala ft Dulan ARX [2023]

Sinhala song lyrics with music notes illustration

ඇහි පිල්ල තාලේ සලනවා
පිනි නිල්ලෙ පාදේ තබනවා
තොල් පෙත්ත ආලේ මවනවා
මල් පෙත්ත වාගේ සැලෙනවා

පේනා පේනා රෑ පේනා
සේනා සේනා රූ ගේනා
ආලේ ආලේ ඈ පානා
ඕනා ඕනා ඈ මායම් ඕනා
මායාවී ආලේ පානා ආශා බෝමා
සේයාවී දෑසේ මානා
තාලේ පානා

කාල පවන් අතරේ ආල ලවන් හැසිරේ
ආල හැඟුම් කතරේ හාදු කුසුම් විසිරේ
මීන නුවන් සඟලේ මාගෙ නුවන් දැඟලේ
කාල ගමන් අගනේ මාගේ වෙයන් සසරේ

ඔය ඇස් තමා ඉනාව
හදිසියේ ඔයා දැම්ම අර පනාව
හද කණුවේ මා බැන්දෙ කර ගොනාම
දඩබ්බර හිතක් මෙල්ල කලේ මනාව.. ඈ මනාව

විසි කලේ විසි දැලක් ගැලවෙන්න බැරි
මනෝ පාරෙත් ඉන්නෙ ඔයා ඒකයි හිතාගන්න බැරි
ආලෙන් අන්ධ උන මටද මේ කැව්වෙ ඔයා කිරි
හදමුද සන්ධානයක් කාටත් හොලවන්න බැරි කෙල්ලෙ

කියන්නම් මං දෙයක් ඔන්න තක්කෙටම
මමත් පැටලුනේ නිසා නෙමේ දැක්කටම
ඒ ගහන පදෙත් ගැහුවේ සද්දෙටම
මම නැටුවා නෙමේ නැටුනා ඇත්තටම

නුඹ පාන සරින් හද ගාව තියන් නොමනා හැඟුමන් සේනා
දඟ දාන නුඹත් ළඟපාත තියන් ඉවසාම හිඳිම් කෝමා

written by Shehan Galahitiyawa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply