in Damith Asanka

දැවී තැවුණු සිත් | Dawi Thawunu Sith by Damith Asanka

දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා

නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී
එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ

දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා

පරවි තටුවකින් සිසිල් පැන් දොවා
සුදු මල් ගෙන ආවා
අනේ හිමියනේ සාධු නාද මිස
වෙඩි හඬ නොඇසේවා

දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා

banner

Leave a Reply