in Damith Asanka

ගින්න මිහිමත | Ginna Mahimatha by Damith Asanka

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

පින්න දෙපයට යට කරන්
ඉන්න තුරු හිස මල් දරන්
දන්නවද මගෙ රත්තරං
කඳුළු හංගන හැටි හොරෙන්

අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන්
දන්නවද ඔබ රත්තරන්
ඔබව මට සිහිවෙන තරම්

යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විඳවන තරං

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

banner

Leave a Reply