කිරිල්ලියක් හැඩ | Kirilliyak Hada by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

කුරුල්ලන්ට තහනම් නෑ ඉගිල්ලෙන්න ආකාසේ
අත් තටු සිඳ ගන්න හදයි කිරිල්ලියක් හොර රහසේ
වසන්ත මල් හිනා උනා විතරයි මේ ගේ ඇතුලේ
කුරුල්ලො ගේ වට කරගෙන කලබල කරනා විගසේ

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

අනන්තයක් සොයන පැතුම් අතරමගදි බිම වැටේවි
වසන්තයට ඇසෙන ගීත නුඹේ සිතේ නතර වේවි
දුරින් ඉඳන් විසිල් ගගහ පින්නි නැතිව පේවි පේවි
නුඹ හොඳ නම් ගෙදර ඇවිත් අහන්න කියලා කියාවි

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply