අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලා
වරදකාරී දේ දැවටීලා වෙදනාවයි මේ රෑ…//

හිතන පතන දේවල්නම් නැ
කවුරුවත් ලගට ඒවිද බලාගන්න මට දෙවනි වරයක් නෑ
හිතුවෙ නැ තේරැමක් නෑ කෙරුවෙ වැරදි විතරයි රෑ
මාව දැන් අරන් යන්න මට සමාව යදින්න දෙවියන් ලගදි බෑ
පෙනෙන්නේ නෑ


අන්දකාරයි හැමදේම , පසුතැවෙයි හැම රෑම
දුක මව තනිවීම විතරයි නෑ මට මාව නැතිවීම
ඇයි පරක්කු දැන් මගෙ වාරේ !
අරන් යන්න මාව මරන්නෑ කාලේ
තේරැම් ගත්තා මම ජිවිතේ අගේ
පිච්චි පිච්චි මම අපායේ දැලේ .

ගෙවෙන්නේ කාලේ ගන අන්දකාරේ
මං හොයන ලෝකේ තාමත් නෑ ආලෝකේ
කෝ කිව්ව කතාවේ නෑ තාමත් යතාර්තේ
ඇයි ගැටෙන්නේ මං පුහු වචන පස්සේ

තේරුම් ගන්න බැරි දේ තමයි ඒක
හිතුවත් එක පාරක් මං ආයෙත් ගැටෙයිද ?
දුවන්නේ හිත නවත්තන්න බැයිද
මැවෙන්නේ හීන විකaති වී ඇයිද

තේරුම් ගන්න බැරි මනුස්ස හිත
මං කාලයක් තිස්සේ ඉදං රැවැට්ටු හිස
තත්පරයෙන් වෙනස් කලා මේ විස
විශ්වාස නැ දැන් නම් මාවත් වී බිය

මනුස්ස සතා බැ විශ්වාස කරන්න
වාසියක් ඇත්නම් මිනිත් ආසයි මරන්න
සෙල්ලමක් ජීවිතේ බෑ කාටත් හොයන්න
පිල්ලමක් ඇස් ගැහුවේ වෙනස් වී හිතන්න

හිතන්න හැඟීමක් පාලනේ නෑ
තේරුම් ගන්න බැරි උංගේ වෙන්නේ මං ඈත්
කරන්න කලිං හිතුවෙම නෑ,
ඒකයි මේ අවුලෙන් වස විසෙන් රෑ

වස විස ගහලා විකaති වෙලා
මගේ මුලු ලෝකෙම විනාස වෙලා, දැං
කියන්න කියන්න තෙරෙන්නෑ දෙවියනි,
මම මායවෙන් මුළා වෙලා.. මුලා

written by Sosa Lean X AJ Leon

Leave a Reply