දෙතොල් විල | Dethol Wila by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න
ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න
සේල යහනේ වරු ගණන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply