දෙස් | Dhess by Ravi Jay x Samith Gomes ft. Gimantha

Sinhala song lyrics with music notes illustration

අමූලික ශ්‍රද්ධාව
මුලපිටින්
පිලිගනින් මුලින් එ බණ කියන වැද්දාව
ගැස්ම නවතින්න කලින්
යන්න පෙර මත කරින්
සින්න වෙන්න යන ගී යේ
පණ ගන්න පිරිත් පැනින්
ජන්ම පත්‍ර යෝගි රාශි
කලානුරූපිත පැනවූ
දේවකාර්ය එයයි
දිව්‍ය ලෝකෙන් මට පැවරූ…

නිවන් දකී පිං වලින්
පව් කරයි තුන් දොරින්
වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම
ලිං වලින්

අග්‍රස්ථානය ලොවින්
අන්තර්ජාල රාගයත් රටේ
උගසට තියපං හෙලුව
ඔපදා මුතු ඇටේ…
අමතක කරපං වගකීම්
ජාත්‍යන්තරයට පාවා දී
රටම කරපං ගොදුරු
ගණ මුලාව මවා දී…

අවලමේ යන් උන් තවලමේ
දැන් කන්න වෙන්නෙ උන්ටත්
තණකොළ කවලමේ…
කාසි සමග වාසි
බැදි පෙද සහ පාසි
සැබෑ ගීය මත වෙන්දේසියට පෙර
යන්න දීපං දැන් නෑසී…

තනියම යන මා…වතේ…
බාධක හිනැහෙයි මලේ……
නුඹ සොයනා සාර්ථකේ….
නුඹ ලග ත…මායි….

සල්ලි වලට ගන්න බෑ මනුස්සකම
බොක්ක දීලා ලගට ගන්නේ නෑ අවස්ථාවාදියෝ…
තනිවම නැගිටින්න පුළුවන් කම තියාන
තොපි එක එකා පස්සේ යන්නේ ඇයී…?
රට බෝතලේ පෙන්නලා
අයියා දුන්නා උගේ රස
බෝතලේ ඇතුලේ…
ඔලුකන වස…වස
පමණට වඩා ඉදිමුනාම
හොදම කපිතානගෙ වගේ; ගිගිගිලෙයි නැව…

අනුන්ගේ පිටින් ඇවිත්
දෙන්න එපා පොර ටෝක්
වැටුනට පස්සේ
හිනාවෙන්නේ ගුද මාර්ගෙන් බ්‍රෝ…

හිනා වෙලා
ලග ඉදන් පණ දෙන්නම් කිව් එකා
වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ..
ගුටිකනකොට මං වටේ හිටියෙ කවුද(කවුරුත් නෑ)…?
ලෙඩ ඇදේ මං ලග හිටියේ
කවුද(ගැන්ස්තර)…?
මැරකම
රස්තියාදු
කුඩු
නෙවෙයි ජීවිතේ
මැරෙන වෙලාවට තේරෙයි

අවංක මිනිකා දියුණු වෙයි
දියුණු වෙලා උ කපටි වෙයි
කපටි වෙලා
උ මෝඩ වෙලා
අන්තිමට බලුවෙලා කෙල වෙයි

දෙකට තුනට නැවිලා
ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ,
කට්ට කාලා උඩ එන්න තටමන එකා
හිරවෙලා අංගොඩ්

කාරිය කෙරෙන තුරු
කවුරුත් ඉන්නෙ බලාගෙන
කෙලවන්න
හිනාවෙන්න
වැටුනම දෙන් නෑ නැගිටින්න…

උබට වදින වචන මෙතන ඇති
ගලපලා ඩිස් නෙමෙ
සාමෙන් නෙමෙ
ඉන්නේ මම ගේමෙ ඩෝ…
අපි නැග්ගේ වටරැකින්
බහින්නෙ වෙස්ට්නාහිරෙන්
මෙන්න දෙස් නිග….

තනියම යන මා…වතේ…
බාධක හිනැහෙයි මලේ……
නුඹ සොයනා සාර්ථකේ….
නුඹ ලග ත…මායි….

මග නොපෙනෙයි මරුතේ…
සොයා යන්න නොයා රැලේ…
අරමුණ උදෙසා… හදේ…
සටන අද තමා…යි……..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “දෙස් | Dhess by Ravi Jay x Samith Gomes ft. Gimantha”
  1. පමණට වඩා ඉදිමුනාම ” හොඳම කපිතානගෙ වගෙ”

    එතන හදන්න.

Leave a Reply