in Naada

දියවන්න කුමාරියේ | Diyawanna Kumariye by Naada [2019]

දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පලුව එබෙනවා
හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා
දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා

banner

Leave a Reply

  1. Mehi kiyawena yatipela deshapalaya gena athi u kalakirimakin liya ethi bawa pene rata muhuna paa ethi kedawachakayan keepayak padaka kargena e anuwa geethaye paada wen kota etha wisheshayenma pasal lamun math drawyawlata goduru weema seenibolawalata heena peenawayei yana pada thulin gamya we..