එක දවසක් | Eka Dawasak Handawaka by Ishan Hewage ft. Tharindu

Sinhala song lyrics with music notes illustration

එක දවසක් හැන්දෑවක නුවරට එන්න
වැව් දිය තරමට වැඩියෙන් සෙනෙහස දෙන්න
එදා වගේ තව දවසක් නුඹව දකින්න

පොරි අහුරට ඇදිලා එන මින් පේලි
සියොතුන් රෑන් තුරු හිස් මත හුන් පේවී
පියවර මැනපු අපි ඇවිදන් ගිය වීදී
මතකය තවම තරුණයි නෙත් ඇත දිය වී

නුවර වැස්ස ආවත් මා තෙමාගෙන
ඉහලන කුඩය නෑ අද අත දරාගෙන
වැව් දිය මතින් රැලි දහසක් මවාගෙන
ප්‍රේමය ගිහින් උඩු හුලගේ ගසාගෙන

written by Dilan Nuwaragedara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply