එනවාද යලි සොයලා | Enawada Yali Soyala by 2FORTY2 [2021]

Sinhala song lyrics with music notes illustration

කොතැන සිටියද මගෙන් මිදිලා
තාම නුඹ ගැන හිතෙනවා
දෑත සිපගත් දිනය සිහිවී
දෑස රහසෙම තෙමෙනවා
නුඹ දුන්නු සෙනෙහස දුන්නු විදියම තව හිතේ රැදිලා
යලි එන්න හිතුනොත් එන්න සිපගමි
නුඹ තුරුළු කරලා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

මගේ හිතේ හැන්ගිලා හිටිය හැටි
තවත් දැනෙනවා
ජීවිතේ නැවතුනා ගියපු දින
මගේ ලොවෙන් පියඹලා
ඇසුනා නම් මාරුතේ ඒ ගී ඔබටයි සදා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

ඔය අතින් අල්ලලා ඇවිද ගිය ගමන් සිහිවුනා
ආදරෙන් දුන් සිතින් දුකම දී
නුඹ මගෙන් දුර ගියා
ඇසුනා නම් මාරුතේ ඒ ගී ඔබටයි සදා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply