ගැටබරු කන්දේ | Gatabaru Kande by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

පූජා වටිටිය හදන්න උදව් වුණා බැහැ නොකියා
මගේ ළඟින් වාඩි වෙලා හිනා වුණා බාලලියා…
ඇයත් මගෙ ළඟ හිටියා ඔබත් බලාගෙන හිටියා
මුකුත් හිතාගන්න බැරුව මමත් උමතු වූ සැටියා…..

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා….
මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා….
සංසාරේ පෙරුම් පිරූ රූපය හදවතේ තියා
නම ගමවත් කියන් නැතුව යන්න ගියා ඒ ළමයා……

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply