ගුම් ගුම් නාදේ | Gum Gum Nade by Melani Rodrigo [2021]

Sinhala song lyrics with music notes illustration

පාවී ආකාසේ ඈත යන්න ඕනා
ගෑවී වලාකුලේ හාදු දෙන්න ඕනා
නා…ඹර කෝඩුකාර මල් හොරා
ආ..දර පාට පාට මල් ගෙනාවා

ගුම් ගුම් නාදේ ඇසුණා
මල් මී සුවඳේ එතුනා
මූණේ හසරැල් පීදුනා…
බිංකුණ්ඩෝ තාලේට නටනා
සූටික්කෝ වට පිට බලනා
ඕන්න මං රහසක් කියනවා…

එකමත් එක දවසක්දා
මහ වැස්සක් ඇදහැලුනා
මුදු මුදු කෙහෙරැළි ගස්සා..
ඔහු මල් කුඩයට එබුණා..

හුස්මක් නුපුරුදු වැදුනා
නොකියා දෙබසක් තිබුණා
වැස්සේ දෙන්නා තෙමුණා
ආදරේක මුල පිරුවා..

මගේ.. ආදරේ…කතන්දරේ…

writtern by Malki Wijemanne

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply