හන්තානේ | Hanthane by Costa x Maduwa [2022]

Sinhala song lyrics with music notes illustration

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

ආතල් ගන්නට අපි නැග්ගෙ බං කඳු
500 කුට්ටිය ඒකාලෙ මරු
කියෙව්වා බයිබලේ ඒත් අපි හොරු
වික්කෙම SAMPLE මං කියලා බොරු
ආස නෑ මම නන් ටවුමට (නෑ)
යටවුනා අපි බං සුද්දගෙ පවුමට
රට යන්ඩ මම සල්ලි හොයන්නට
ආවෙ මං කොළඹ ටවුමට
නුවර කොල්ලො අපි බං ගත්ත කොළඹ ආතල්
ඇති වුනාම කොළඹ රස්නේ BACK TO THE HOOD අපි NORMAL
නැග්ගම හන්තාන කන්ද මුදුනට ඒක නන් වෙනම ආතල්
ඒ ආතල් DOUBLE TRIPPLE වෙනවා අපිට එතුවම පදම

සැපෙ මං ඉන්නෙ
හිත නෑ ගින්නෙ
අපි බං පාවි අහසෙ ඉන්න කන්ද මුදුනෙ
යන්න ඈත ආසයි අහසෙ
ඉන්න මේ වගෙ අපි ස්වර්ගෙ
මේ වගෙ අපි ස්වර්ගෙ
එන්න පස්සේ නෑ මගෙ කර්මෙ
යන්ඩ නන් බෑ මට ඒත් මනසින් මං තාමත් තැන්නෙ
තනිකම මම ආසයි මොකද කවුරුත් පස්සෙන් නෑ ඇන්නෙ
නිර්වනෙ සොයන්නෙ නෑ මම බං ඉද්දි මේ මම ස්වර්ගෙ

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

දුම් පාරෙන් එක්කන් ගියා ඔළු ටික අපෙ හන්තානේ මුදුනට
මගෙ වත්කම මිනිස්සු නැ තෝරා බෙරලා නුවර හදවත
මාව අදුර ගන්න බෑ ද
මේ ළඟින් හිටපු මාව
උඹ එක්ක පොඩි කාලේ ඉදන් ඉන්න නම දුක මචං ඉතින් කොහොම
වේලාව හොද නෑ මේ එච්චර
අපි හිතපු දෙයක් නම් වුන් නැ
පාඩම් වලින් ජීවිතේම
පිරිලා තාම අපිනම් හැදුන් නෑ
දුන්නා සංගීතේ නැති වෙච්ච සංතෝසේ
දුක ළඟටම නම් ගන්නැ
දණ ගහන්න එපා කෙල්ලෝ ගාව ඒක උබේ පිරිමි කමටත් හරි නැ

යාළු වෙන්න මගෙන් අහන්න එපා දැන්නම් ඕන්නෑ
ඉස්සර අහද්දි කියපු කෙල්ලෝ මට බෑ බෑ
මේ ආවොත් ලොවෙත් යන්න නම් මේ හිත දෙන්නෑ
ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ නෑ

රැප් අහන කොල්ලෝ එන්න මෙහෙට
මගේ උන්ට ආතල් මගේ ගීත
මගේ තිබුනා කාලයක් දැනගෙන කරේම වැඩ මං මෝඩ
ඒ ආදරේයි කොල්ලෝ පැලෙන්න
සංගීතෙ වෙනස් කරා ජීවිතේ මෙන්න
ආතල් එකේ ඉද්දි කොල් නම් එපා ගන්න
සිහිය නැ මට ANSWER කරන්න

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ
ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply