රැ සිහිනෙන් | Ra sihinen by CEE G F]ft. Sampath Hashan [2022]

Sinhala song lyrics with music notes illustration

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිව්ලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

කිඳුරියක නුඹ මම දුටුව තනි සයුරක
ඇස ගැටුනු තනි තරුව නුඹ රැය අමවක
නෙත කඳුලින් බර වු දින නැත අමතක
ඕනෙ වුන පෙරලන්න මිතුදම පෙමකට

නැහිතෙ අහිත නොලැබුනත් තනි තරුව
හැකිනම් හැරිල බලන්න නෙත නුඹෙ
නැවත
සිත පෙලෙවි ශෝකෙන් හද ගැස්ම අඩුව
සිහි මුලවෙ ගිලන්නම් තද නින්ද මතට
මම..

භාවනාවක් නුඹ ජීවිතයට
ගායනාවක් නැගෙයි මේ හද තුල
සේද මාවත මත ඇවිදිමු අප
රෑක ඈත තරු ගනිමුද

නුඹ ගාව සුව දැනුනී මට
සද ගාව සිත රැදුනී මගෙ
මට මාව හමු නොවුනී අද
මම ගාව නුඹ සදකී

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිව්ලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply