සුබ උපන් දිනක් මට | Happy Birthday to Me by OOSeven [2020]

Sinhala song lyrics with music notes illustration

මම දුටුවා අහසේ කළු වළා
හැම දවසේම ඉන්නේ හිනැහිලා
එළි එනතුරා හිදී මග බලා
දෝශා රෝපන මැද හිනැහිලා

මේ ලෝකේ ඇත්තේ ශෝකේ කොහොමත්
ඇති වෙන්න නැති වෙන්න කෝමත්
දැන දැන ඇලෙනවා කෝමත්
ඉපදුනා රටක එකෝමත්

එක කාලෙක දැන් හරි සතුටුයි
හැමදේම වෙන්නේ කනපිටමයි
නැති වෙන්නේ නැත්තේ එක හිතමයි
අකමැති දකින්නම කදුලයි
සැනසීමේ දැන් නින්දේ
මල්පිට මල් හිත බින්දේ
තනියෙම වින්දේ
මට කැමති දේ මං ඇන්දේ

මං කියන්නේ මගේ කතාව
ලැබෙන දිනයක වාසනාව
මං පතන හැමදේම මං ගාව
උනානම් වැරදි ඉල්ලයි සමාව

සහෝදරයොත් එක විදිහක්
එක වෙලාවකට
උනා වැරදිත් මගේ අතිනුත්
එක වෙලාවකට

ලේ හෙල්ලූ ආස නෑ දකින්න
ආසම රහස් රකින්න
ආස මං ඇත්ත දකින්න
විදලා මේ ජීවිතය මැරෙන්න

නිදි නැහැ මී වද ඇතුලේ
අපි නැ දැන් මල් තැලුවේ
සරලව හැමදේම බැලුවේ
දුක සැප මැද ගග ගැලුවේ

මැරීගෙන හැමදාම වැඩ
පිටිපස්සේන් ඉන්නේ වහගෙන කට
නවතී දවසක පතන් නැද්ද
සුබ උපන් දිනක් මට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply