ලෝදිය | Lodiya by Ayeshmantha ft. OOSeven, BMG & BEE [2021]

Sinhala song lyrics with music notes illustration

නන්නත්තාරයි මගේ ජීවිතේ විකාරයි
ගෙවී ගියෙ තාම කාලයි
ඒත් දැන් වෙලාව හමාරයි
එක දෙයක් එක පාරයි
තාම හිත මනමාලයි
කාලෙ කෑව හැටි මාරයි
අපි අපෙ වල හාරයි
කතාව ලිවුවා මන් අලුතෙන් අදුරෙන්
වෙන හැමදේම දරා ගත්තා මන් සතුටෙන්
ඉන්නෙ මන් ගෙවෙනවා මුලු දවසම නොදැනිම
ගීතෙන් සන්ගීතෙන්

නිවනට යන මග
කොහොම ද කිරි සයුරක
සුදු කොඩි ලෙල දෙන විට
රට හැමතැන වෙඩි මුර
ලෝදිය කවද ද පෙම් කලේ ගිනි පුපුරට
ගල් බිම් වලට පණ දෙනවද අද
යන්නට පෙර හෙට නොවෙ අද
හිත බොරුවට කයිවාරු කමට
මගෙ කට කියවයි අද බොට

හොල්මන් එක්කලා සෙල්ලම් දැම්මා කාලයක්
පල්ලම් බැහැලා ඉන්නෙ මුලා වෙලා මාරයක්
කොල්ලා දැක්කත් ඇබරෙන්නෙ නැහැ මුන්ට චාරයක්
දැක්ක දේවල් කිවුවා මම දෙන්නම් මං විචාරයක්
කාටත් දැනන් ඉන්නෙ අපි ගැන
මේක නිල් පාටක්
එක එපා කේස් කිව්වා අපි කාටත්
වෙස්ට් එක තාමත් එකට ඉන්නේ
ඕනම තැනක බහින මං මාවත් මාවත්

රැවටුනු සිත් මන්දාකිනි වල
බොරුවට කියවන රට ගැන නිකමට
බල්ලො බිරුවට හද ගියෙ නැත පහලට
පැහැදිලි දැන් වට පිට
නිවි නිවි දැල්වෙන තරු වලට යන්න
සසරක් අපි පෙරුම් පිරූ
හෙවනට සෙවනයි මමයි
හොයපු පදුරු වලට ගල් ගැහුවෙත් කරුලූ

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට

BMG පරන පාසලෙ මිතුරා
වදන ගිනි අවි අරන් ආවෙ පතුරාන්
ඇවිද්දා මතකයි අපි එක පාරේ
දුක දැක්කොත් දුවන් එන්නේ නිරතුරු මිතුරා
ගෙවී ගියෙ නෑ තාම ජීවිතේ භාගයක්වත්
කල කිරී ඉන්න නිසා දැම්මා සාදයක්වත්
හැමොටම කලා ගරු ඒකෙ නැතේ කොක්කක්
තේරුන්නැති ජීවිතේ වගේ දැන් කනත්තක්
අඳුරට බැනපු අපි ඉර වට කරගෙන
කලේ බොරු විහිලූ
කරුමෙට කවට කමට පැත්තට
පැන්නම වදන් පිහි වගේලූ
පිලිලයකට දෙනවද අපි හිත
නවතින්න පෙර දෙවරක් සිතනු
රිදුමට පෙර හිත වගකිව යුතු
අය දැන් මේකේ ජීවත් වෙන්නේ නැතිලු

වෙන්නේ මන් මුලා රොන් ගන්නෑ මල තලා
බැස්සොත් මම කරමල විස නියගලා
නෑ කාවත් අන්ඩ වෙලා ආසයි කරන්න කලා
නෑ මන්නම් වැලපිලා සැපේ ඉන්නේ හිනහිලා
මේක කනපිට හැරෙනවා ළඟදීම
මේ හීන හැබෑවෙන්න කල් නෑ නැවතීම
කලාවයි මමයි හැමදා ගැලපීම
මම මැරෙන දවස මේකේ නැවතීම නිග

ලඳ බිඳ වලඳ සමග කෙලී ඔලිඳ පිලි
නැති කිලි මුල දිරවයි මැටි පිලිම තියන
හදීසියට ඔය දෙමාපියන් පලිද
මොකද උනේ එදා වැලේ තෙමුනද සරම
කලකිරුනද හිත දැන් ෆ්‍රෝ
කල එනකම් කවුරුත් එන්නැති නිසාද බ්‍රෝ
හෙවනැල්ලට බයේ දුවන
මිනිසුන්ට නිවනක් රටේ
කොහෙන්ද ඩෝ…….

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply