හීන ගහන | Heena Gagana by Kasun Kalhara

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා
දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා
දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා

සඳක මහිම මෙහෙම නොවේ සිහිල නොදෙනු ඇයි
දැවෙන නෙත් තෙමා සොමි ගුණ සදනු නොහැකි ඇයි
පෙමක මහිම මෙහෙම නොවේ ඇසුර නොදෙනු ඇයි
සොදුරු පෙම මුදා මා සිත සිඹිනු නොහැකි ඇයි

ළඳක මහිම මෙහෙම නොසෙියුම් නොවෙනු ඇයි
පිපෙන මල් දිහා සොඳුරුව බලනු නොහැකි ඇයි
මහද මහිම ඔහොම නොවේ හැඳින නොගනු ඇයි
කඳුළු වැහි යවා මා වෙත පිපෙු නොහැකි අයි

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා
දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *