හින්දි වගේ | Hindi Wage by Surendra Perera

Sinhala song lyrics with music notes illustration

FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලා
දැකපු දැකපු Hot කෙල්ලට Request දාලා
Block වුණාම Adminලාට නාහෙන් අඬලා
ආදර ලෝක් දිනුවේ මම Chat කරලා
OT නැති Night Shift ගමකට ගහලා
පැයෙන් පැයට Profile Pics Upload කරලා
දවස තිස්සේ Edit කරපු Photos දාලා
ඇගේ ආදරේ ඉල්ලගත්තේ ආරෝහි කියලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

ගෙනාපු දවසේ ඉඳන් සැර වෙලා
ලස්සන පස්ස දොරෙන් විසි වෙලා
මාගේ නිදහස ලිමිටඩ් වෙලා
එයාගේ Government එක Run කළා
මං ළඟ නැති දේවල් ඉල්ලලා
හැඬුවා මුළු දවසෙම පෙරළිලා
ලක්සෙට කොඩිය දාලා රජ වෙලා
හිටියට මෙයා ළඟදී පච වෙලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

දවසින් දවසට වැඩ වැඩි වෙලා
එයාගේ ලස්සන අත් කළු වෙලා
බියුටිය කචල් වෙන්න ළං වෙලා
Mother in lawට එන්න සෙට් කළා
අවුරුද්දක් හරියට ගත වෙලා
දෙන්නම හොඳ ගානට තර වෙලා
මගේ බඩ පිට පොත්තට ඇලවීලා
හිතෙනවා ඉන්නට වනගත වෙලා

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply