in Chamara Ranawaka

හිරු දෙවියෝ | Hiru Deviyo by Chamara Ranawaka

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

කෙනෙකුට සැප ඇති කාලෙට
තව කෙනෙකු දුකේ
සංසාරේ හැටි මෙහෙමයි
බුදු වදන් හැගේ
පෙර කල පව් තව පියවි නැතිවෙලා වගේ
හිනාවෙන්නෙ කෝහොමද
උඹ කියාපන් පුතේ

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

වතුර බිංදු උදලු මිටදී
ගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ
මඩ ගෑවෙද්දී
මං එනකං බඩ ගින්දර
උඹ උහුලද්දී
පොලොව කැපෙයි අඩමින්
පස් තට්ටු බුරුල්වී

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

banner

Leave a Reply