in Uncategorized

හිත ආදරේ සොයා | Hitha Adare Soya by Shihan Mihiranga

හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා
හිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා මා හා

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

ලස්සන පාටට හිනැහුණු හීනෙට මුලකුරක් හෙව්වා
හීන ඉසව්වක රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි
හැබෑ වෙන්නේ නෑ සත්තකයි ආදරී

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

රන්වන් දෙතොලට දිලිසෙන පාටට
ආදරෙයි කිව්වේ නෑ
මං ලග නවතින ලස්සන හදවත් ඔයාගේ හීනේ නෑ
බොළඳ උනත් හරි සුන්දරයි
ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි

විහිළුවෙන් බොළඳ චාටුවෙන්
හිත ආදරේ සොයා
විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

banner

Leave a Reply