හිත ආදරේ සොයා | Hitha Adare Soya by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා
හිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා මා හා

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

ලස්සන පාටට හිනැහුණු හීනෙට මුලකුරක් හෙව්වා
හීන ඉසව්වක රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි
හැබෑ වෙන්නේ නෑ සත්තකයි ආදරී

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

රන්වන් දෙතොලට දිලිසෙන පාටට
ආදරෙයි කිව්වේ නෑ
මං ලග නවතින ලස්සන හදවත් ඔයාගේ හීනේ නෑ
බොළඳ උනත් හරි සුන්දරයි
ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි

විහිළුවෙන් බොළඳ චාටුවෙන්
හිත ආදරේ සොයා
විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply