in chamika sirimanna

හිත හදාගන්න බෑ | Hitha Hadaganna Ba by Chamika Sirimanna

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී
ජීවිතය දී
මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ
තාම සිහිවේ
පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා
ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා
දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හීන වියැකී
දෑස නොපෙනී
කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී
දෑස බොදවී
කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා
ආදරය නෑ කියා
මාව හැරදා සදා
ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

banner

Leave a Reply